“රූ රසේ අඳිනා ලෙසේ අත්
ලෙල දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ
නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස
බල බලා නෙතඟින් සබා
මං කෙසේ පවසමි එසේ වර
සුර ළඳුන් දුන් රස සොබා ”
මිහිරි ගීතයක රසය දෙසවනට පතිත කල මේ පද වැල් අප දෙනෙතට ප්‍රථමව හසු වන්නේ ගුත්තිල කාව්‍ය තුළිනි. ගුත්තිල කාව්‍යයන් තුල ගැබ් වූ සාහිත්‍ය රසය නොවින්දෙක් නොමැති තරම්ය. එදා අප නෙතින් රසවිඳ මුවින් මිමිනූ , සූත්‍ර පිටකටයේ බුද්ධක නිකායෙහි ජාතක දේශනාවේ එන ගුත්තිල ජාතක කතාව මූලාශ්‍ර කර ගනිමින් , කෝට්ටේ යුගයේ දී පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය අනුසාරයෙන් සනත් අබේසේකරයන් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල ගුත්තිල සිනමා පටය මේ වන විට දිවයින පුරා තිරගත වෙමින් පවතී. වදනින් කියවා මනසින් සිතුවම් ඇඳි ගුත්තිල ජාතක කතාව දෙනෙතින් දැක දෙසවනින් රස විදීමට හා නොදත් දේ දැන – දැක ගැනීමට ලැබෙන මෙම අවස්ථාව බාල මහලු සියල්ලන්ටම උදාවන විචිත්‍රවත් අවස්ථාවක්ම වනු ඇත.
“දස දෙස වැටෙනා දියවැල් සැලෙනා
මගෙ ගත සිත මන බඳිනා
දඟ ඇති බඹරුන් මල් පෙති සිඹිමින්
මලින් මලට සැරි සරනා
සුර ළඳුන් ලෙසේ මෙහි ළඳුන් ඇතේ
මගේ වීණා නාදේ නද ඇසෙනා ”
බරණැස සිට වෙළඳාමේ ගිය වෙළඳුන් සතර දෙනෙකුට උදේනි පුරදී ගීත වාදනයකින් සතුටු වීමට අවැසි වු නිසා , එපුර විසු ප්‍රධාන ගාන්ධර්වයා වු මූසිල හමුවිය. ඔහුගේ වීණා වාදනයෙන් සතුටු නොවු වෙළෙන්දෝ ඔහුට සිනාසුනි. එහිදී මට වඩා දක්‍ෂ වීණා වාදකයෙක් තව තැනෙක දැක තිබේදැයි ඇසීය. එවිට වෙළඳුන් බරණැස සිටින ගුත්තිල නම් මහා ගාන්ධර්වයා ගැන ගුණ වර්ණනා කල නිසා මූසිල ඔවුන්ගේ මාර්ගයෙන් ගුත්තිල ඇදුරු හමුවට පැමිණියේය. එහිදී මූසිල ගුත්තිල ඇදුරුහට තමාට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්නැයි නිතර ඇවිටිලි කරන්නට විය. තම අන්ධ දෙමව්පියන්ගේ ඉල්ලීම මත මූසිලට වීණා වාදනය උගැන්වීමට ගුත්තිල ඇදුරු තීරණය කරයි.
බරණැස සිට වෙළඳාමේ ගිය වෙළඳුන් සතර දෙනෙකුට උදේනි පුරදී ගීත වාදනයකින් සතුටු වීමට අවැසි වු නිසා ල එපුර විසු ප්‍රධාන ගාන්ධර්වයා වු මූසිල හමුවියග ඔහුගේ වීණා වාදනයෙන් සතුටු නොවු වෙළෙන්දෝ ඔහුට සිනාසුනිග එහිදී මට වඩා දක්‍ෂ වීණා වාදකයෙක් තව තැනෙක දැක තිබේදැයි ඇසීයග එවිට වෙළඳුන් බරණැස සිටින ගුත්තිල නම් මහා ගාන්ධර්වයා ගැන ගුණ වර්ණනා කල නිසා මූසිල ඔවුන්ගේ මාර්ගයෙන් ගුත්තිල ඇදුරු හමුවට පැමිණියේයග එහිදී මූසිල ගුත්තිල ඇදුරුහට තමාට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්නැයි නිතර ඇවිටිලි කරන්නට වියග තම අන්ධ දෙමව්පියන්ගේ ඉල්ලීම මත මූසිලට වීණා වාදනය උගැන්වීමට ගුත්තිල ඇදුරු තීරණය කරයි.
“රුපුන් පෙලෙන සූර්ය රාජ
සොමි ගුණ දෙන චන්ද්‍ර රාජ
මහා කලා රසික රාජ ජයතු
මහා රාජ ජයතු ජයතු මහාරාජ
ජයවේ ජයවේ ජයවේ”
ගුත්තිල රංගනයෙන් හැඩ කරන්නේ රිදී තිරයට හඳුන්වාදෙන විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින් අඛිල
ධනුද්ධර, යශෝධා විමලධර්ම, චුලක්ෂි රණතුංග, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ගුණතිලක, අයිරාංගනී
සේරසිංහ, ශ්‍රිමාල් වෙඩිසිංහ, ගිරිරාජ් කෞෂල්‍ය, අමිල කරුණානායක, වීණා ජයකොඩි, සරත් චන්ද්‍රසිරි,
මහින්ද පතිරගේ, හේමන්ත ඊරියගම, නදිකා ගුණසේකර, අනුර බණ්ඩාර රාජගුරු,පූජනී භාග්‍ය , දයාසිරි
හෙට්ටිආරච්චි , පියතිස්ස අතුලසිරි , සුරංග ගුණවර්ධන , රාජි මෙන්ඩිස් ඇතු`ඵ ප්‍රවීණ රංගධරයන් පිරිසක්
විසිනි. කාර්මික දායකත්වය දැක්වු පිරිස අතර, කැමරා අධ්‍යක්‍ෂණයෙන් සුජිත් නිශාන්ත, සහය
අධ්‍යක්‍ෂණයෙන් ආනන්ද එස් කපුගේ, ඉසංකා ගුණවර්ධන සමගින් සහන් වීරවර්ධන, කලා අධ්‍යක්‍ෂණයෙන්
සහ පසුතල නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත, අංග රචනයෙන් තරංග රුක්මල්වල, වර්ණ සංයෝජනය,
සංස්කරණය හා ශබ්ද පරිපාලනයෙන් ප්‍රවීන් ජයරත්න, ශබ්ද පරිපාලන සහයෙන් සශින් ගිම්හාන් පෙරේරා,
සංගීත අධ්‍යක්‍ෂණයෙන් දිනේෂ් සුභසිංහ ගීත ප්‍රබන්ධනයෙන් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්
වහන්සේ සමගින් මහාචාර්ය සුනිල් ආරියරත්න ද, ගීත ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින්
අඛිල ධනුද්ධර ද, කවි ගායනයෙන් ඉනෝකා අහංගම සමගින් දයානාත් බණ්ඩාර ද එක්වී ඇත. සටන්
අධ්‍යක්‍ෂණයෙන් සුමුදු අමල්ක, නර්ථන නිර්මාණයෙන් චන්දන වික්‍රමසිංහ සහ චන්න විජේවර්ධන ද,
විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජේ හේරත් එක්වී ඇති ගුත්තිල , තිස්ස නාගොඩවිතානගේ
අධීක්ෂණය යටතේ හරේන් නාගොඩවිතාන සමගින් දිලිනි සිල්වා නිෂ්පාදනය කර ඇත. මෙය තිස්ස
නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
-ඇන්ටන් ජේ. ප්‍රනාන්දු –