Friday, June 20, 2025
spot_img
More

    Latest Posts

    වල්ලි-කඳකුමර ප්‍රේම පූරාවත කදිර දිව්‍යරාජ

    පෙරදිග හෝ අපරදිග ප්‍රචලිත දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියෙකු පිළිබඳව සඳහන් වන්නේ නම්, ඒ කතරගම දෙවියන් ගැනම පමණි. සියැසින් නුදුටු එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කළ, ඒ ආලයේ, ස්නේහයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කරගත් අසිරිමත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී නම් විය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තය වරෙක ඓතිහාසිකය, වරෙක සාහිත්යිකය, තවත් වරෙක විචිත්‍ර කල්පනාවක් හෝ මනෝ නිර්මිතයක් හෝ ස්වප්නමය සංසිද්ධියක් ය.මෙම කදිර දිව්‍යරාජ, සිනමා කාව්‍ය වනාහී සත්‍යයත් ඇස්බැන්දුමක් වු මායාවත් අතර විවිධාකාරයෙන් දෝලනය වන්නාවු වල්ලි-කඳකුමර ප්‍රේම ආඛ්‍යානයයි. දෙසවනින් අසා සිතින් මවාගත් ඒ අසිරිමත් ප්‍රේම වෘතාන්තය නෙතින් දැක විද ගැනීමේ වරම නුදුරේම ප්‍රේක්ෂක සැමට උදාවනු ඇත.

    හෙළ සාහිත්‍ය කලාවේ බොහෝ ඉසව් අතිසාර්ථකව ස්පර්ශ කරමින් ජයගත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතව සිනමා වියමනයි කදිර දිව්‍යරාජ සිනමා කෘතිය. සාහිත්‍ය , ශාස්ත්‍රීය , ගාන්ධර්ව නිර්මාණ , සංස්කරණ හා පරිවර්ථන කෘති විශාල ප්‍රමාණයක් පාඨක ප්‍රජාව හමුවට ගෙන ආ ඔහු , සිංහල සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන් , අනුපමා (1978) , සරුංගලේ (1979) , පොඩි මල්ලි (1979) , සිරිබෝ අයියා (1980) , කිඳුරු කුමාරි (1980) , කෝලං කාරයෝ (1981 – තිස්ස නාගොඩවිතාන සමඟින්) , බඹා කෙටූ හැටි (1981) , සතර පෙර නිමිති (1981) , වජිරා (1981) , බඹර ගීතය (1982) , ජීවිතයෙන් ජීවිතයක් (1982) , කැළෑමල් (1982) , මුහුදු ලිහිණි (1983) , මිහිඳුම් සළු (1985) , ක්‍රිස්තු චරිතය (1990) , අහස් මාළිගා (1994) , සුදු සෙවනැලි (2002) , උප්පලවන්නා (2007) , කුස පබාවතී (2012) , පත්තිනි (2016) , අලි කතාව (2017) , යශෝධරා (2018) සහ විජයබා කොල්ලය (2019) ක්ෂීර සාගරය කැලඹිණ (2023) යන සිනමා නිර්මාණ ඉදිරිපත් කර ඇත.

    කදිර දිව්‍යරාජ රංගන දායකත්වය

    සමර් වීරමානි (ඉන්ද්‍රීය), සොනාක්ෂි සිං රාවත් (ඉන්දීය), නදීපා රණසිංහ, ජගත් චමිල, රොෂාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, ධනංජය සිරිවර්ධන
    වීනූ සිරිවර්ධන, වසන්ත කුමාරවිල, සම්පත් තෙන්නකෝන්, චරිත් අබේසිංහ, අජිත් ශාන්ත, රංගී රාජපක්‍ෂ, සරත් කොතලාවල, හරිනි කාව්‍යාංජනී, වසන්ත විට්ටච්චි, ජයතිස්ස අතුලසිරි, සමිත හෙට්ටිගේ, සමූදි ජයසිංහ ඇතු`ඵ රංගන ශිල්පීන් විශාල පිරිසක් මේ සඳහා දායක වී ඇත.

    කදිර දිව්‍යරාජ කාර්මික දායකත්වය

    කතා ප්‍රතිරචනය, තිර රචනය, සංවාද රචනය – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    ගේය කාව්‍ය රචනය සහ අධ්‍යක්‍ෂණය – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    නිෂ්පාදනය – ආචාර්ය රවි ලියනගේ
    කැමරා අධ්‍යක්‍ෂණය – චන්න දේශප්‍රිය
    සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර සහය – අසංක වික්‍රමසිරි
    අතිරේක සංස්කරණය – අජිත් රාමනායක
    සහය අධ්‍යක්‍ෂණය – නිමල් දේශප්‍රිය, ශෂිකා ෆොන්සේකා, සිසිර වෙලන්ගහවිට
    අංග රචනය – ප්‍රියන්ත දිසානායක
    කලා අධ්‍යක්‍ෂණය – ධම්මික හේවාදුවත්ත
    නාද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ
    ස්ටෙඩ් කෑම් කැමරාකරණය – ස්ටයිනර් මැක්ලේන් ඈඩැම්ස්
    වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
    නිෂ්පාදන කළමණාකරණය – නිමල් විජේසිරි සේනාධීර සහය – වර්නන් අබේසිංහ
    නර්ථන අධ්‍යක්‍ෂණය – සංඛ අබේසිංහ සහය – ශෂිකා ජෝන්ස්
    වස්ත්‍රාභරණ – වෙනුක වික්‍රමාරච්චි
    කේශාලංකරණ – හරූන් ෂයිඩීන්
    දෘශ්‍ය ප්‍රයෝග අධීක්‍ෂණය – චමත් පරණවිදාන
    සටන් අධ්‍යක්‍ෂණය – සුමුදු අමල්ක
    නිෂ්පාදන සම්බන්ධීකරණය – ඒ.ඩී. රංජිත් කුමාර
    සංගීත අධ්‍යක්‍ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ
    ගීත ගායනය – නිරෝෂා විරාජිනි, රවීන් කණිෂ්ක, සශ්‍රිකා සේමිනි
    ශලෝක ගායනය – කෝලිත භානු දිසානායක, අසංක ධනංජය ලියනාරච්චි
    කන්නලව් ගායනය – සමන් පනාපිටිය
    සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    නිශ්චල ඡායාරූප ශිල්පි – ධම්මික පතිරත්න
    කැමරා සහය – දිලංග දිනූෂන්, අනුර කොඩිතුවක්කු
    ප්‍රධාන කාර්මික ශිල්පීහු – ඩබ්.බී. කීර්ති වසන්ත, මලිත් වීරසිංහ, ඩී.පී.පී. කුමාර, මහින්ද ප්‍රේමලාල් සුභසිංහ
    එළිමහන් ශබ්ද පටිගත කිරීම – අරුණ සංජය, ගිහාන් කවින්ද
    සමාරම්භක පරිඝණක නාමාවලිය – බුද්ධික විජේරත්න, සමින්ද වතවනවිතානගේ
    ප්‍රධාන සිරස්තල නිර්මාණය – ගුණසිරි කොළඹගේ

    -ඇන්ටන් ජේ. ප්‍රනාන්දු –

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.