Tuesday, March 4, 2025
spot_img
More

    Latest Posts

    විශ්වයේ සුවහසක් මව්වරුන් වෙනුවෙන් – “ගෞතම බුද්ධ මාතා”

    මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගෞතම බුද්ධ මාතා’ යනු බෞද්ධ සාහිත්‍යයේදී හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක්වන මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන් නිර්මාණය වූ සිනමා සිත්තමකි..

    Sumathi Universal (Pvt) Ltd වෙනුවෙන් තිලංග සුමතිපාල විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ‍යන් විසින්ද මෙහි කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය මහතා විසින්ද සිදුකළ ඇත.

    මෙම වැදගත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයට ජාත්‍යන්තර මානයක් එක් කරමින් කීර්තිමත් ඉන්දියානු නළු නිළියන්ගේ රංගනයන් ද චිත්‍රපටයේ ඇතුළත් වීම මෙහි ඇති විශේෂත්වයකි.
    මෙම සිනමා නිර්මාණය සඳහා පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් වැනි ඉන්දියානු නලු නිලියන් රැසක් “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ රංගනය සඳහා එක්වන අතර දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, සම්පත් ජයවීර, ගෙවින් අභිෂේක්, සූර්ය දයාරුවන්, උදයන්ති කුලතුංග වැනි ලාංකීන් රංගන ශිල්පීන් රැසක් ද මෙම සිනමා නිර්මාණයට තම රංගන දායකත්වය ලබා දේ.

    “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටය තිරගත වීමට පෙර මාධ්‍යයට එළිදැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් කොල්ලුපිටිය, මුවින්පික් හෝටලයේදී පසුගියදා ( 12 ) පැවැත්විණ.

    විශාල ආයෝජනයක් සහිතව දේශීය සහ භාරතීය රංගන ශිල්පීන්ද යොදා ගනිමින් ඉතා ඉහළ තාක්ෂණයෙන් යුක්තව, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කර ඇති “ගෞතම බුද්ධ මාතා” සිනමාපටය දෙසැම්බර් මස 10 වැනිදා සිට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්හට දැක බලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.