ලාංකේය කාන්තා හඬක පූර්වාදර්ශය “තේජා”

ලාංකේය කාන්තා හඬක පූර්වාදර්ශය "තේජා"

0
23
theeja movie

ලෝක කාන්තා දිනයට සමගාමීව, නිහඬ කළ නොහැකි වීර කාන්තා හඬක දෝංකාරය රැගෙන, නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කල “තේජා” චිත්‍රපටය එළැඹෙන මාර්තු 07 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

සම්මානනීය ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු අභියෝගාත්මක රංගනයක නිරත වන “තේජා” කතාවට පාදකව ඇත්තේ, 80′ දශකයේ නිදහස් වෙළඳ කලාපීය ඇඟලුම් කම්හල් තුල ක්‍රියාත්මක කරන ලද ප්‍රීඩාකාරි කළමණාකරණ උපක්‍රම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම දුක්ඛිත සේවා කොන්දේසි හා සමාජ අසාධාරණයට එරෙහිව තම සහෝදර සේවක සොයුරියන් වෙනුවෙන් අභීතව නැගී සිට සටන් කර, සේවක අයිතීන් දිනා ගැනීමට වෙර දැරූ ඇඟළුම් කම්හල් සේවිකාවක ගේ ජීවන අන්දරයයි.

මෙහිදී, කම්කරු අරගලය නැවැත්වීමට පාළක පක්ෂය ගන්නා උත්සාහයත්, එම මර්දනයන් මැද තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා තේජා ඇතුළු කන්ඩායම දරණ ප්‍රයත්නයත් මෙයින් ගෙන හැර දක්වා ඇත.
මෙහි තේජා ලෙස රංගනයෙන් එක්වන නීටා ප්‍රනාන්දු ට අමතරව, මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, චමිලා පීරිස්, අයිරාංගනී සේරසිංහ, සුජානි මේනකා, අතුල පතිරණ, ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායකව ඇත.

කැමරා අධ්‍යක්ෂණයෙන් කාවින්ද රණවීර, සංස්කරණයෙන් ස්ටැන්ලි ද අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන ඉරුගල්බණ්ඩාර, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, නිෂ්පාදන කළමනාකරණයෙන් සරත් වීරසේකර, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගීත රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ ගීත ගායනයෙන් උමාලි තිලකරත්න එක්වී ඇත.
සුරංග ද අල්විස් හා මහීල් ආර් .පෙරේරා එක්ව නිෂ්පාදනය කර ඇත.
මෙය සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකී.

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here