Sunday, June 15, 2025
spot_img
More

    Latest Posts

    වීදුරු හදක ආදර සෙරිනිටිය ! – චින්තනී අමරසිංහගේ ‘තුන්තරා’

    චින්තනී අමරසිංහ ලේඛිකාවගේ ‘තුන්තරා’ පොත් තුනක් ජනගත කිරීමේ මංගල්‍යය ඊයේ දින (ජුනි 05) සවස 2.30 සිට 5.30 දක්වා කොළඹ 07 යොවුන් සේනාංක ශ්‍රවණාගාරයේදී ඉතාමත් හරසර අන්දමින් පැවැත්විණි.

    මෙම පොත් ත්‍රිත්වය ලෙස ‘සීනු නදී’, ‘අරුණෝද මත්‍රා’ සහ ඇයගේ කුළුඳුල් කාව්‍යමය ග්‍රන්ථය වන ‘සින්ඩරෙල්ලාමය මිනිසෙකුට’ හෙවත් වීදුරු හදක ආදර සෙරිනිටිය ඇය විසින් රචිත පොත් අතරට ඊයේ දින එකතු විය.

    මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළුව ඇයගේ ලබැඳි හිතවතුන් ආදරණීය රසික රසිකාවියන් ඇයට ශුභාසින්සනය එක් කිරීමට පැමිණ සිටි අතර නෙත් FM හි නිවේදිකා තරංගා නානායක්කාරගේ සුවිශේෂී වූ නිවේදක විලාසයෙන් උත්සවය තවදුරටත් වර්ණවත් විය.

    තුන්තරා ආදර සෙරිනිටියට සපැමිණි ආරාධිත දේශක, ආචාර්‍ය මංගල පැස්කුවෙල් මහතාගේ ‘සීනු නදී’ ග්‍රන්ථ විග්‍රහය උත්සවයේ කැපී පෙනුණු අවස්ථාවක් වූ අතර උත්සවය නර්ථන මෙන්ම ගායන අංගයන්ගෙන් ද හැඩවැඩ විණි.

    චින්තනී අමරසිංහගේ ස්තූති කතාවේ සුවිශේෂී කරුණක් මෙසේ දැක්විය යුතුය. “මම දුකින් ඉන්නෙ නෑ, මොකද මම මගේ දුක නිර්මාණ හරහා පාඨකයන් වෙත දෙනවා.

    ඔවුන් ඒවා කියවලා ඔවුන්ගේ දුක නිවා ගන්නවා. ඉතින් මට හොඳට නින්ද යනවා.” සාහිත්‍යය නිර්මාණයක වටිනාකම නම් එයම විය යුතුය. ඉතින් ඇගේ සමාජමය විවරණයක් වූ ‘සීනු නදී’ මෘදු බවින් යුත් ‘අරුණෝද මාත්‍රා’ කාව්‍යමය ෆැන්ටසියක් වූ ‘සින්ඩරෙල්ලාමය මිනිසෙකුට’ හිතවත් පාඨක රසික ඔබ හදවතේ ලැගුම් ගන්නා බව නොඅනුමානය.

    ✍🏻හසාරා අමරසිංහ

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.