ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණය බඹර වසන්තේ එලැඹෙන
මාර්තු 21 වන දින සිට එම්.පි.අයි මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා සිනමාශාලාවන්හි තිරගත වීමට
නියමිතව ඇත. මෙයට පාදක වී ඇත්තේ , වයෝවෘද්ධ ධනවත් වතු හිමිකරුවෙකු වූ ක්ලිෆර්ඩ්ගේ
එකම සුරූපී තරුණ දියණිය වන ඉෂාරාව කප්පම් කරුවන් පිරිසක් විසින් පැහැරගෙන යනු ලබන
අතර , ක්ලිෆර්ඩ්ට තම දියණිය බේරා ගැනීම සඳහා විශාල මුදලක් කප්පම් කරුවන්ට ගෙවීමට
සිදුවෙයි. කලින් සැලසුම් කල පරිදි , කප්පම් මුදල් ලබා ගැනීමේ දී , පොලිසිය විසින් එම පිරිස
කොටුකර ගැනීමට උත්සාහ කලද ඔවුන් පලා යයි.

තම වත්තේ පවතින රැකියා ඇබෑර්තු කිහිපයක් සඳහා තරුණයන් පිරිසක් බඳවා
ගැනීමට ක්ලිෆර්ඩ් කටයුතු කරයි. කල්ගත වීමේ දී එම තරුණයන් අතර සිටි සමීර ක්ලිෆර්ඩ්ගේ
දියණිය වූ ඉෂාරා සමඟින් පෙම් කතාවකට මුල පුරයි. වතු අධිකාරිවරයා වන ග්‍රේෂන් , ක්ලිෆර්ඩ්ගේ
තරුණ බිරිඳ වූ ෂෙරින් සමඟින් රහසිගතව සබඳතාවයක් පවත්වාගෙන යනු ලබන අතර ඉෂාරා
පිළිබඳව ද අවධානයෙන් පසුවෙයි . දිනක් ක්ලිෆර්ඩ් හා බිරිඳ අතර සිදුවන ආරවුලකදී ඔහුගේ
පහරකෑමෙන් ෂෙරින් මිය යයි. එම මරණය වසං කිරීම සඳහා ග්‍රේෂන්ගේ සහය පතයි.

තම මවගේ මරණය පිලිබඳව සැක කරන ඉෂාරා තම පෙම්වතා වූ
සමීර හා ඔහුගේ මිතුරා වන ශාන් සමඟින් එක්ව මෙම අභිරහස සෙවීමට රහසිගතව කටයුතු කරයි.
බඹර වසන්තේ රංගනයෙන් චන්න පෙරේරා , නතාෂා සතරසිංහ , ජගත් ගලප්පත්ති, ගයේෂා පෙරේරා
, බුද්ධික ජයරත්න , චංචලා වර්ණසූරිය , නන්දන හෙට්ටිආරච්චි , ටෙඩී විද්‍යාලංකාර , රෙක්ස්
කොඩිප්පිලි , උපාලි කීර්තිසේන ඇතුලු පිරිසක් දායකව ඇත. නීල් වර්ණකුලසූරියගේ සංගීත
අධ්‍යක්ෂණය යටතේ උරේෂා රවිහාරි , මාරියෝ ආනන්ද , අමිලා නදීශානි , ජගත් ගලප්පත්ති , නීල්
වර්ණකුලසූරිය සහ සුරංග ද සිල්වා ගීත ගායනා කරන අතර , සියලුම ගී පද රචනා සහ කලා
අධ්‍යක්ෂණය මල්ලවගෙදර සුනිල් ආනන්දගෙනි. අනුර බණ්ඩාර සංස්කරණයෙන් ද , ආනන්ද බණ්ඩාර
වර්ණ සංයෝජනය කරනු ලැබූ මෙහි කැමරා අධ්‍යක්ෂණය කේ.ඩි. දයානන්ද විසින් සිදු කර ඇත, ශබ්ද
සංකලණයෙන් සුසන්ත ධර්මප්‍රිය ද , අංග රචනයෙන් , ගයනි සතරසිංහ , සටන් අධ්‍යක්ෂණයෙන්
ටෙඩී විද්‍යාලංකාර ද , කතාව , දෙබස් හා තිර රචනය ජගත් ගලප්පත්ති විසින් ලියන ලද බඹර
වසන්තේ යුනි ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ටි.ටි. නඩේස් ගේ නිෂ්පාදනයකි.
-ඇන්ටන් ජේ. ප්‍රනාන්දු-