වසර හතකට පසුව බන්දු සමරසිංහ යළි සිනමාවට රැගෙන එන ” බෆලෝ ට්‍රැවල්ස් “, සිනමා සක්විති ආචාර්ය ගාමිණි ෆොන්සේකා ගේ පුත්, දම්මිත් ෆොන්සේකාගේ කුළුදුල් සිනමා නිර්මාණයයි. ඔක්තෝම්බර් 25 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන්හී මෙය තිරගත වීමට නියමිතව ඇත.
රට වටා සංචාරය කිරීමේ අරමුණ පෙන්වමින් රහසිගත පර්යේෂණ කටයුත්තක් සඳහා මෙරටට පැමිණෙන නෙදර්ලන්ත ජාතික මහාචාර්ය ග්ලේන්ඩොර්ෆ් තම ගමනාන්තය දක්වා යන අතර මග වනාන්තරයක් ආසන්නයේ දී මංකොල්ල කරුවන් පිරිසකගේ පැහැරගැනීමකට ලක්වෙනවා. මංකොල්ල කරුවන් සමගින් පොරබදා ඔවුන් ගෙන් මිදී කැලයට දිවයන මහාචාර්යවරයා කැළයේ අතරමං වෙනවා. පාරක් තොටක් හොයාගෙන යන මහාචාර්යවරයාට, වන මායිමේ පුංචි පාරක් දිගේ ඉදිරියට එන වාහනයක් දකින්නට ලැබෙනවා.

ඉදිරියට පැන එය නවත්වගන්නා ඔහු තමන්ගේ භාෂාවෙන් තමාට වූ ඇබැද්දිය රියදුරාට පැවසූවත් , මොලො හසරක් ඔහුට තේරුම් ගැනීමට නොහැකි වේ. දැඩි ලෙසට බියටත් විඩාවටත් පත්ව ඇති මහාචාර්යවරයා, බලෙන්ම වාහනයේ දොර ඇරගෙන එයට ගොඩවෙනවා.

කුතුහලයත් , හාස්‍යරසයත් එක් තැන් කරලා ” බෆලෝ ට්‍රැවල්ස් ” තුලින් ප්‍ර්‍රේක්ෂකයාට පවසන්නේ එවන් කතාවක්. මෙහි රංගනයෙන් බන්දු සමරසිංහ , ජෝර්ජ් ග්ලේන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා , වීණා ජයකොඩි , දම්මිත් ෆොන්සේකා , දිලුක්ෂි වීරප්පෙරුම , නවීන් සෞම්‍ය( ළමා),රොනී ලීච් , ප්‍රියංකර පෙරේරා ,ශ්‍රියා කළුබෝවිල , කාංචන සමරසිංහ , පරාක්‍රම ජයසිංහ ඇතුළු පිරිසක් එක් වී ඇති අතර,

කතා රචනයෙන් රාජ් රණසිංහ , තිර රචනය සහ සහය අධ්‍යක්ෂණයෙන් නිශාන්ත වීරසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් රාජා සයියද් , සංස්කරණයෙන් අජිත් රාමනායක , වර්ණ සංයෝජනයෙන් ආනන්ද බංඩාර , සංගීත අධ්‍යක්ෂණයෙන් නිසල් ගංගොඩගේ , ගී තනු නිර්මාණයෙන් නිසල් ගංගොඩගේ සමගින් ලෙලුම් රත්නායක , ගී පද රචනයෙන් වජිර ජයවර්ධන , හෙක්ටර් විජයසිරි සහ නිලාර් එන් කාසිම් ද , ගීත ගායනයෙන් බන්දු සමරසිංහ , මහේන්ද්‍ර, පෙරේරා සමගින් ලෙලුම් රත්නායක ද , අංග රචනයෙන් ඩී.ජයතිස්ස , කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාල් ද , කැමරාකරණයෙන් ජී.නන්දසේන ද එක්වී ඇති ” බෆලෝ ට්‍රැවල්ස් ” නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය දම්මිත් ෆොන්සේකා ගෙනි.

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය දම්මිත් ෆොන්සේකා
” හදවත් හඳුනන සොඳුරුම මිනිසුන්
සතුටේ මීවිත පුරවයි නිබඳේ
රන් රසවන් මිතුරන් සමගින්
ලෝකය විනිවිද එය විඳගමු රිසිසේ
හිටි හැටියෙම හමුවෙයි සොඳුරුම මිතුදම්
මේ මනුසත් උයනේ “
- ඇන්ටන් ජේ ප්‍රනාන්දු