Thursday, October 9, 2025
spot_img
More

    Latest Posts

    එකපාරක් ජීවිතය වැරදුනා නම් තව පාරක් වරදින්න කලින් “දුස්රා” බලන්න. සුරූපී රතීගේ සරාගී කතාව..

    ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් රිදී තිරයට රැගෙන එන සිය දෙවන සිනමා නිර්මාණය දූෂ්රා එළඹෙන අගෝස්තු 09 වන දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත.

    මෙය එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදා හැරීමකි. කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් අන්තර්ජාතික සහ දේශීය සිනමා සම්මාන තිහකට අධික ප්‍රමාණයක් හිමිකරගෙන ඇති චන්න දේශප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් සිය නාමය ප්‍රථමව සටහන් කළේ “යූ ටර්න් ” සිනමා සිත්තම තිරයට රැගෙන ඒමත් සමගිනි.

    රතී, සලෙලළියක් සේ පෙනී සිටිමින් සල්ලාල පිරිමින් එක්තරා හෝටලයක් වෙත රැගෙන යයි. අනිල් එම හෝටල් කාමර තුළට කඩා වැදී, එම පිරිමින් බියකර ඔවුන් සතු වටිනා දෑ මංකොල්ලකා, ඔවුන්ගේ හැසිරීම් වීඩියෝ ගතකර පලවා හරී.
    පසුව එම වීඩියෝ පෙන්වමින් ඔවුන් බියකර මුදල් ලබා ගනී.

    මුදල් ඉපැයීමේ පහසු ක්‍රමයක් ලෙස ඔවුන් මෙය සිය වෘත්තීය ආදායම් මාර්ගය කරගෙන සිටී.

    දිනක් මැර පිරිසක් අනිල්ට පහරදී රතීව පැහැරගෙන සිරගත කර තබා ගනී. එම මැර පිරිස අතර සිටින ලකී, මැර කණ්ඩායමේ නායකයාට හොරා රතීව පැහැරගෙන පලා යයි. සියළු ගැටුම් ඇතිවන්නේ ඉන් අනතුරුවයි.

    මෙහි අනිල් ලෙස සජිත ඇන්තනිත්, රති ලෙස තිලක්ෂිධෑ රත්නායකත්, ලකී ලෙසින් ලක්ෂාන් අබේනායකත් රංගනයේ යෙදෙති. සෙසු චරිත සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රන්වල, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, නදීශානි පේලිආරච්චි, තරිඳු කාවින්ද ගමගේ, සමන්ත පරණලියනගේ එක් වී ඇත.

    කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, අංගරචනයෙන් සමරසිරි කඳනගේ, ඇතුළු කාර්මික ශිල්පීන් පිරිසක් එක් වී ඇති අතර, සම නිෂ්පාදනයෙන් හෂානි කිතලගමත්, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රසන්න කිතල ගමත් එක්වන මෙහි නිෂ්පාදන දායකත්වය සඳහා ලක්ෂාන් අබේනායක සමඟින් මාක් ටෙසියර් එක්වී ඇත.

    මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙසින් තිරගත වීමට නියමිතයි.

    නිෂ්පාදනයෙන් හා ලකීගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ලක්ෂාන් අබේනායක ප්‍රංශ සිනමාවේ සහ එරට රූපවාහිනී නාට්‍යයන්හි රඟපාන ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පියෙකි.

    වසර 35කට අධික කාලයක් පුරා ප්‍රංශ චිත්‍රපට හා ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපාමින් සම්මානයට පාත්‍ර වූ ඔහු, ප්‍රධාන චරිතයක් තුළින් ප්‍රථමව සිංහල සිනමාවට එක් වන්නේ “දුස්රා” තුළිනි.

    සුරූපී රතීගේ සරාගී කතාව “දුස්රා” අගෝස්තු 09 සිට තිරගත වේ..

    • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.