Sunday, June 15, 2025
spot_img
More

    Latest Posts

    ‘ගැහැනු ළමයි – The Girls’ ජාත්‍යන්තරයට!

    සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගැහැනු ළමයි” හි නැවත ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපටය 2025 මැයි 17 වන දින Festival De Canes උලෙළේ මංගල දර්ශනය සඳහා තෝරාගෙන තිබේ.

    පසුගිය දා ඉතාලියේ L’Immagine Ritrovate ස්ටුඩියෝවේදී නවීන 4K තාක්ෂණය හරහා අපැහැදිලි තත්වයේ පැවතුණු දර්ශන ප්‍රතිස්ථාපනය කර ඇත.
    චිත්‍රපටයේ මංගල දර්ශනය එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්දගේ සහභාගීත්වයෙන් අලංකාර වනු ඇත.

    චිත්‍රපට උරුමයන් ප්‍රතිසංස්කරණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටින, චිත්‍රපට උරුම පදනම, ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ඉන්දියාවේ ප්‍රංශ ආයතනය අතර පුරෝගාමී ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන FISCH: France-India Sri Lanka Cine Heritage Saving Film Across Borders මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

    • සටහන : හසාරා අමරසිංහ

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.