අකිල සඳකැළුම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල කුළුඳුල් සිනමා නිර්මාණය “හද ගැස්ම” නොවැම්බර් 01 සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගතවේ.

දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව තරුණ පරපුරට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන කාලෝචිත කතා තේමාවකින් සමන්විත වේ
- ‘හද ගැස්ම’ සිනමාපටයේ රංගන දායකත්වය
අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරීස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත.

- ‘හද ගැස්ම’ සිනමාපටයේ කාර්මික දායකත්වය
තිර රචනය – අකිල සඳකැළුම්
නිෂ්පාදනය – ” හද ගැස්ම” ඉසුරු ෆිල්ම්
කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය – ජනිත් ගුණසේකර
සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීම – දනාල් තිරංජන
7.1 ශබ්ද නිර්මාණය සහ මිශ්‍රණයෙන් – දිලාන් ගුණවර්ධන
සහය අධ්‍යක්ෂණය – නිමේෂ් ලක්මාල්
සටන් අධ්‍යක්ෂණය – සුමුදු අමල්ක
සංගීත අධ්‍යක්ෂණය සහ ගීත රචනය – ලක්මාල් ෆනැන්ඩු
ගීත ගායනය – නලින් ෆනැන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනැන්ඩු
කලා අධ්‍යක්ෂණය – සුමිත් කුඩලිගම
නිෂ්පාදනය – ” හද ගැස්ම” ඉසුරු ෆිල්ම්

“හද ගැස්ම ” නොවැම්බර් මස 01 වන දින සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් ප්‍රමුඛ දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹේ.
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු