හේමාල් රණසිංහගේ අලුත්ම ෆිල්ම් එක – “අයිස් ක්‍රීම්” දියවෙන්න කලින් රසවිදින්න…

හේමාල් රණසිංහගේ අලුත්ම ෆිල්ම් එක - "අයිස් ක්‍රීම්" දියවෙන්න කලින් රසවිදින්න...

0
12
ice cream movie

ටෙලි නිර්මාණවේදී සහ රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස කුළුඳුල් සිනමා නිර්මාණය “අයිස් ක්‍ර්‍රීම් “චිත්‍රපටය එළැඹෙන මාර්තු 06 වන දින සිට එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.


කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ, රැකියා විරහිත පැල්පත් නිවාසවාශි සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාවන් පිළිබඳව දිගහැරෙන, මෙහි හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, රුක්මල් නිරෝෂ්, වීණා ජයකොඩි, මධුශාන් නානායක්කාර, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, කෝරළගේ සමන්, අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත.


කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ අයිස් ක්‍රීම් කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ්, සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, නිෂ්පාදන කළමනාකරණයෙන් ජීවන මනරම් කෝදාගොඩ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන,
ගීත ගායනයෙන් කසුන් කල්හාර, කුෂාණි සඳරේඛා ඇතුළු පිරුසක් දායකව ඇති “අයිස් ක්‍රීම්” කෝකිලා විතානගේ සමගින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනය කර ඇත.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here