Friday, June 20, 2025
spot_img
More

    Latest Posts

    අසීමාන්තික ප්‍රේමයට මිල මුදල් වලින් ලංසු තැබිය හැකි ද?

    ගම්බද ගුරුවරුන් දෙපලකගේ පුතාවූ ජගත් පුද්ගලික රොහලක් පවත්වාගෙනයන ධනවත්
    ව්‍යාපාරිකයෙකි. ඔහු මුදල් ඉපයීමට කාලය යෙදවීම විනා තම දෙමාපියන්ට දුරකථනය
    මගින් හෝ කතාකිරීමට ඔහුට වෙලාවක් නැත. රොහල් ව්‍යාපාරය හා සම්බන්ද ධනවත්
    ව්‍යාපාරිකයෙකුගේ දියනියක් වන රුක්ෂානිව ජගත් විවාහ කරගෙන සිටියි. ජගත්
    පොහොසතෙකු බවට පත්වන්නේද රුක්ෂානි ගේ ව්‍යාපාර තුලිනි. ජගත්ට පවුල් ජීවිතය
    තවත් එක් ගනුදෙනුවක් හා ලිංගික කියාවලියක් පමනි.
    ජගත් සියලු දේට වඩා මුදල් වැදගත් යැයි සිතා ක්‍රියා කරන පුද්ගලයෙකි. ඔහුට පවුල්
    සබඳතා ප්‍රේමය වැනිදේට ඔහුගේ ජීවිතයේ වැඩි ඉඩක් නොමැත. ජගත්ගේ දුව ඊෂා
    යොවුන් තරුණියකි. ජගත් සැම විටම සිතන්නේ පියාගේ ආදරය මුදල් මගින් දුවට සපුරා
    දිය හැකි බවයි. එහෙත් තම පියා හා මවගේ දුරස් බවත් නිතර ඇතිවන බහින්බස් වීම්
    ආදියත් තමන්ට මහත් කනස්සල්ලක් ගෙන දෙයි. නිවසින් පිට ලෝකය ඇයට සතුටක්
    ගෙනදෙන්නක් වෙයි. සංගීතයට නැටුමට ප්‍රියකරන ඇය යහලුවන් සමග රාත්‍රී සාද
    ආදියට යාමත් බීමත් කමට නැඹුරුවීමත් සිදුවේ. ඒ අතර රොක් සංගීත කන්ඩායමක
    සිටින කුල්ටූර් සංස්කෘතියක් සහිත තරුණයෙකු සමග ඇය පෙම් සබඳතාවක්
    ඇතිකරගනී.
    ජගත් වඩාත් පොහොසත් වීමේ අරමුනින් විදේශීය ජාවාරම් කරුවන් සමග එක්වී තම
    රෝහල මූලික කරගනිමින් ඖෂධ හා අවයම ජවාරමක යෙදෙයි. මේ සඳහා
    දේශපලකයන් ද සමබන්දය. මෙම ජාවරම් වලට රුක්ෂානිගේ පියාත් සහෝදරයාත
    විරුද්ධවේ. ජගත් ඔවුන්ව රහසිගතව මරාදමයි. ජගත්ද නෙදැනුවත්ව සිදුවන අහඹු
    සිදුවීමකින් තම දියනියගේ වකුගඩුද මෙම රෝහල මගින් සොරා ගැනීමක් සිදුවේ.
    රුක්ෂානි මේ පිළිබඳව දැනගනී. රුක්ෂානි හි ඊෂා ජගත්ව අත්හැර විදෙශගතවෙයි.
    ජගත්ට ධනය ලැබෙනවිට අනෙක් සියලුදේ අහිමිවෙයි. ඔහු මෙම ව්‍යාපාර සඳහා
    ලබාගත් විදේශ නය නිසා අවසානයේ සියලු ව්‍යාපාරද විදෙශිකයන්ට අයිතිවෙයි.

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.