Thursday, June 19, 2025
spot_img
More

    Latest Posts

    සමාජ පිළිලයන් ලොවට පෙන්වන ”කම්බිලි” අගෝස්තු 08 තිරයට පිවිසේ.

    ඉහල නිළධාරීන් කෙතරම් පුරසාරම් දෙඩූවද දිනෙන් දින ඔඩු දුවන සමාජ ව්‍යසනයේ නිමාවක් හෝ මර්දනය වීමක් මෙතෙක් සිදුවී නොමැති වටපිටාවක, සමාජයේ වෙසෙන සුදු පිරුවට හැඳි කළු ජීවිතවල සැබෑ මුහුණුවර හා ඉහල තලයේ ප්‍රභූවරුන්ගේ ගෞරවධෑය රැකවරණය මෙන්ම ආශිර්වාදය ලබමින්, අහිංසක ජීවිතවල වටිනාකම හා මිනිසත් කම පසෙකලා මුදල් තම ජීවිතය කරගත් බහුතරයක් නොවු අද මිටු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඇම්බැට්ටයන් එක්ව නගරය පමණක් නොව නොකිලිටි සුන්දර ගම්මානයන්හී වෙසෙන තරුණ පරපුර රවටවමින් හා ගම්මුන්ගේ හිත් දිනාගනිමින් රහසිගතව මත් උවදුරට ඔවුන් බිලිදෙන අයුරු, භානුක, සමාධි, ධර්මපාල මන්ත්‍රී තුමා, ජයදේව ඇමතිතුමා, නන්දේ, කලන, මංජු, ටයිටස්, වික්‍රමසිංහ වෙදමහතා , ලලිතා අම්මා වැනි චරිත තුලින් ආදර්ශමත් ලෙස සමාජයට කියාපාන ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා වෘත්තාන්තය “කම්බිලි” අගෝස්තු මස 08 වන දින සිට ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලාවන් ඇතුලුව දිවයින පුරා සිනමා ශාලාවන්හී තිරගත වීමට නියමිතව ඇත.

    නිදුක් මධුෂික ගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන් ,අමිල කරුණානායක , නෙත්මි රොෂෙල් , නීටා ප්‍රනාන්දු , බිමල් ජයකොඩි , ධර්මප්‍රිය ඩයස් , සනත් ගුණතිලක ,සමිත සුධීශ්වර , දේව් සුරේන්ද්‍ර , සුජානි මේනකා , ටීනා ශනෙල් ප්‍රනාන්දු , අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්ව ඇති අතර,

    කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම , සංස්කරණයෙන් අනුර බණ්ඩාර , වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර , සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල , සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල් සිල්වා , ගීත රචනයෙන් ලසිත ජයනෙත්ති ආරච්චිගේ , ගීත ගායනයෙන් බාචි සුසාන් , කාංචනා අනුරාධි , රයිනි චාරුකා ගුණතිලක , ඉශාන් ලන්ත්‍රා , සේනානායක වේරලියැද්ද , ටෂ්නි පෙරේරා , ගයාන් ගුණවර්ධන , විමංශා දිල්හානි එක්වී ඇත .අංග රචනයෙන් සුපුන් ස්ටේන්වෝල් ද , කලා අධ්‍යක්ෂණයෙන් සංජීව කරුණාරත්න , නිෂ්පාදන කළමනාකරණයෙන් නිදුක් මධුෂික සමගින් හර්ශාන් ප්‍රබෝත් විජේසේකර ද විධායක නිෂ්පාදනයෙන් චම්පික ද සිල්වා එක්වී ඇති කම්බිලි නිශාන්ත ගල්හේන ගේ නිෂ්පාදනයකි.

    කම්බිලි අධ්‍යක්ෂ – ප්‍රසාද් කළුපහන

    කම්බිලි නිෂ්පාදක – නිශාන්ත ගල්හේන

    ඔහු විසින් මෙයට ප්‍රථම “මොනාලිසා” චිත්‍රපටය සඳහා නිෂ්පාදන දායකත්වය දක්වා ඇති අතර ඔහුගේ නිෂ්පාදනයක් වන “නිලූ මං ආදරෙයි” ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

    කම්බිලි , අගෝස්තු 8 වෙනිදා සිට EAP මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමාශාලාවලදී !

    • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.