ආචාර්ය සෝමරත්න දිසානායකගේ සංගීතමය, වේදිකා/ සිනමා පර්යේෂණාත්මක නිමැයුමක් වන “කපුටු – කොහෝ” රේණුකා බාලසූරිය නිෂ්පාදනයකි.
සම්ප්‍රදායික වේදිකාව, තාක්ෂණික සිනමාව, දේශීය නාද මාලා සහ පාරම්පරික නර්ථන රටා සංකලනයකින් සැරසෙන මෙම ගවේශනාත්මක නිමැයුම පිළිබඳ කෙරෙන පළමු මාධ්‍ය අනාවරණය පසුගිය දා කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා..

“අපිනම් නොදනිමු නිමැයුම් වඩු වැඩ බිජු ලන්නෙමු කපුටගේ කූඩුව උඩ”
“එක කූඩුවේ හැදුනත් මේ පැටවුන් කෙලෙසද කොවුලන් වන්නේ කපුටන් ? “

මෙහි සංකල්පය කොහා කූඩු නොහදන බවත්, කපුටු කූඩුවෙහි බිත්තර දමන බවත්, පැටවුන් ක්‍රමයෙන් වැඩෙන විට කපුටන් විසින් කොහා පැටවුන් හදුනා ගෙන ඔවුන් කොටා පන්නා දමන බවත් කියවේ.
වෙන් කරන ලද පැටවුන් ඉන් පසු හදා වඩා ගන්නේ ඔවුන්ගේ දෙමාපියන් විසින්ය.
ඉතින් මෙම කොහා කපුටු පලහිලව්ව පාදක කරගෙන “සහෝදරත්වය, ජාතික සමගිය, සහ සහජීවනය” යටි පෙල ලෙස ඇතුලත් කිරීමට ගත් උත්සාහයකි.

අමන්ද්යා උත්පලී, හර්ෂණ දිසානායක, අභිලාශී සන්තුශ්කී, ඩිලාන් සමරවික්රම, රදීන් රන්දිව්ස, සනුලි දුල්සේයා, රුසිරු විදුනිත, සිහේලි තූර්යා මෙහි රංගනයෙන් දායක වේ..

මෙහි ගායනා සඳහා ඩිලාන් සමරවික්‍රම, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණි, අමන්ද්‍යා උත්පලී, චෙනිත සන්තිෂ්, ලන්දු සෙට්ටිනායක, ලක්දම් ලයනිත, සිහේලි තූර්යා දායකවේ..
එමෙන්ම
වස්ත්‍රාභරණ – නිර්මාණී ප්රනාන්දු
වේශ නිරූපණය – විදුර අබේධීර
සංගීත අධ්‍යක්ෂණය – මහාචාර්ය සමන් පනාපිටිය
නර්ථන අධ්‍යක්ෂණය – චන්දන වික්රමසිංහ
කලා අධ්‍යක්ෂණය – ජානක ප්රසාද්
වර්ණ සංකලනය – ආනන්ද බන්ඩාර
ශබ්ද සංකලනය – සසික රුවන් මාරසිංහ
සහාය අධ්‍යක්ෂණය – චාමර සේලාර
සංස්කරණය – අජිත් රාමනායක
කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසූරිය
නිෂ්පාදන කළමණාකරණය සහ නිෂ්පාදනය රේණුකා බාලසූරිය
රචනය සහ අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක
