Friday, April 18, 2025
spot_img
More

    Latest Posts

    දුම්රිය ගමන පවා නැවත් වූ ආරුක්කු නමය පාලම මත රූගත කළ ඒ සුන්දර චිත්‍රපටයේ ඔබ නොදුටු දසුන් මෙන්න..

    ඉන්දු ලංකා ඒකාබද්ධ චිත්‍රපටයක් ලෙස සඳහන් වෙන Mirai නම් මෙම තෙළිඟු චිත්‍රපටයේ, සටන් සහ ගීත ඇතුලත් දර්ශන කිහිපයක් පසුගිය දින කිහිපයේ රූගත කෙරුණා.

    උඩරට දුම්රිය මාර්ගය වසා දමමින්, ඇල්ල ප්‍රදේශයේ රූගත කළ Mirai: Super Yodha ඉන්දියානු චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් වී තිබෙනවා.
    මෙය තුර්කියේ ආරුක්කු පාලමක් මත රූගතකිරීමට සැලසුම් කර තිබුණත්, ඊට වඩා ලංකාවෙ ආරුක්කු නවයේ පාලමේ ඇති සුන්දරත්වය නිසාම මෙහි රූගත කරන්නයි නිෂ්පාදන කණ්ඩායම තීරණය කර ඇත්තේ.

    ලෝකයේ තැනින් තැන සඟවා තිබෙන, අමරණීයත්වය ළඟා කරගත හැකි ශුද්ධ ලියවිලි කිහිපයක් ආරක්ෂා කරන රණශූරයෙකු වටායි මෙම Mirai ඉන්දියානු චිත්‍රපටය ගෙතෙන්නේ.
    චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ තෙලෙඟු නලු Teja Sajja විසිනුයි. ඔහු රඟපෑ Hanuman සිනමාපටය පසුගිය වසරේදී අතිශය ජනප්‍රිය වුනා.
    Premam, Dhamaka, Eagle වැනි ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපටවල කැමරාකරණ ශිල්පියා වූ Karthik Gattamneni මෙහි අධ්‍යක්ෂකවරයායි.

    කොහොම නමුත් සිනමාවේදීන් ලෙස කුමන හෝ චිත්‍රපටයක ලංකාවේ සුන්දරත්වය කෙටියෙන් හෝ දැකගන්න ලැබෙනවා නම් එය ලාංකිකයින් ලෙස අපට ආඩම්බරයක්.

    මේ පසුගිය දිනවල ඇල්ල – ආරුක්කු නමය පාලම මත රූගත කළ Mirai ඉන්දියානු චිත්‍රපටයේ තවත් ඡායාරූප කිහිපයක්..

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.