අනෝරා වැසි කඩා වැටෙන එක්තරා අහඹු රාත්‍රියක කොළඹ මුඩුක්කු පරිසරයක නන්නාදුනනා යුවතියක්
පිටුපස පොලිසිය ලූහුබඳියි. පොලිස් ඇසින් මිදුණු එක් නිමේෂයකදී, එම මුඩුක්කු පේළියේ අගුල නොදැමූ
දොරකින් කුඩා නිවසකට ඇතුළු වී ඇය එහි සැඟවෙයි.

පොලිස් සෝදිසි කිරීමේදී නිවෙස් හිමියා ඇය
පාවා නොදෙයි. ඇය ඔහුට කෘතඥ වෙයි. ඔහු ඇයගේ වදන් තඹයකට මායිම් නොකර වැස්ස පෑයූ
පසු පිටව යන ලෙස පැවසුවද, ඇයගේ ජීවිතයට එය තර්ජනයක් විය හැකි බැවින් එසේ කළ නොහැකි
බව පවසා රාත්‍රිය එහි ගෙවා දැමීමට අවසර පතයි. ඔහු ඇයව විශ්වාස කරයි. තෙත්බරිතව සිටිනා
ඇයට ඔහුගේ ඇඳුමක් ලබාදෙයි. ඔහු ඉදිරියේ ඇඳුම් උනා දමන ඇයට ඔහු විරුද්ධ වුනත්, ඔහුට
අහිමි වූ ගැහැණිය ගැන මතක ආවර්ජනය තුළ මොහොතකට අතරමං වෙයි. අනපේක්ෂිතව ඔහුට
ලැබෙන දුරකථන ඇමතුමකට සවන් දෙන ඇය, ඔහු ගෙවන රහස් ජීවිතය පිළිබඳව දැන ගනී. ඔහුගේ
පුද්ගලික ජීවිතය ඇයට නිරාවරණය වීම පිළිබඳව ඔහු උරණ වෙයි. දෙදෙනා අතර මතවාද
ගොඩනැගෙයි. අවසන දෙදෙනා එකඟතාවයකට පත්වෙයි. අත්අඩංගුවට පත්වීමට මොහොතක් තියා
ජීවිතය විඳිමින් ඒ දිගු රැය ගෙවා දැමීමට එකඟ වෙයි.

සිනමාව සහ සියලූ ක්ෂේත්රයන්හි සැරි සරමින් අඩු නිර්මාණ ප්‍රමාණයකින් වැඩි පේ්රක්ෂක ආකර්ෂණයක්
දිනාගත් නිර්මාණකරණයේදී කලබල නැති ප්‍රවීණ නිර්මාණවේදී සුදත් මහදිවුල්වැව වසර 19 නිහඬියාව
බිඳිමින් සිනමා පේ්රක්ෂකයා වෙත ගෙන එනු ලබන නවතම සිනමා වියමනයි MY RED COMRADE
චිත්‍රපටය. ඔහු සිනමා තිරය හා ප්‍රථමව සම්බන්ධවූයේ, 2015 වසරේදී තිරගත කළ ”සුදු කළු සහ
අළු”සිනමා නිර්මාණය සමගිනි. ඔහුගේ නිර්මාණ හැකියාව පේ්රක්ෂකයා වඩාත්ම හඳුනා ගත්තේ පුංචි
තිරය මත දිගහැරුණ ”ධවල රාත්‍රිය” ”දණ්ඬේ ලූගිනි” සහ ”වනස්පති” වැනි ප්‍රාසාංගික ටෙලි නාට්‍ය
තුළිනි. ප්‍රවීණ තිරපිටපත් රචකයෙකු, පුවත්පත් මාධ්‍යවේදියෙකු, සම්මානනීය වාර්තා චිත්‍රපට
නිර්මාණකරුවකු මෙන්ම ප්‍රවීණ වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකුද වන ඔහු විසින් නිර්මාණය කරන
ලද වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය දහසකට අධිකය. ආචාර්ය ඞී.බී. නිහාල්සිංහයන් සමගින් කලක්
ටෙලිසිනේ ආයතනය හා සම්බන්ධව සිටි ඔහු, සිනමා විෂය පිළිබඳව විශ්ව විද්‍යාල කිහිපයකම
ඉගැන්වීමේ නිරත වන ආචාර්යවරයකුද වේ

MY RED COMRADE චිත්‍රපටයේ රංගන දායකත්වය
තරින්දි ප්‍රනාන්දු (ඇය), ආසිරි ඇල්ලගේ (ඔහු), සමගින් ධම්මික ගුණසේන, සුමුදු රත්නායක, උපුල්
ඩයල්, උදිත කුමාර හේරත්, රොෂාන් නාලක පැල්පිටිය, නිහාල් සුමනසිරි, ශ්‍රීයන්ත පුෂ්ප කුමාර, රොෂාන්
ද සිල්වා, මදූෂ වීරසිංහ, ගමගේ ප්‍රියංකර, අසංග ප්‍රියන්ත කුමාර සහ ශ්‍රියානන්ද යන රංගන ශිල්පීන්
පොලිස් සහ සී.අයි.ඞී. නිලධාරීන් ලෙස රංගනයේ යෙදෙති.


MY RED COMRADE චිත්‍රපටයේ කාර්මික දායකත්වය
කතා සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුදත් මහදිවුල්වැව
නිෂ්පාදනය – රෙඞ් සර්කල් ප්‍රඩක්ෂන්
රේඛීය නිෂ්පාදනය – දර්ශි ගමගේ
කැමරා අධ්‍යක්ෂණය – රුවන් කොස්තා
නාභිගත කිරීම – මුදිත විතානගේ
සහාය කැමරාකරණය – දිලංග දිනුශාන්, රංජිත් නුවන්, අනුර සංජීව
ප්‍රධාන සහය අධ්‍යක්ෂණය – දිනේෂ් ලක්දුසින්හ

ඒ රතු කොමරේඩ්ඩුකාර ප්‍රේමය විඳින්න. මැයි 17 වැනිදා සිට…
My Red Comrade | (රතු අතු අග)
-ඇන්ටන් ජේ. ප්‍රනාන්දු-