ආදරණීය පුංචි හිත්වලට නත්තල් අරන් ගිය චූටි දොස්තර නෝනා..

ආදරණීය පුංචි හිත්වලට නත්තල් අරන් ගිය චූටි දොස්තර නෝනා..

0
40
pramila christmas event

කලා ලෝකයේ තරු වගේම හැමෝම ලස්සන කරන අපේ කාලේ අමුතු දොස්තර නෝනා කෙනෙක් තමයි ප්‍රමිලා රණසිංහ කියන්නේ..
කලා තරු වගේම තම රූපය ලස්සනට තබා ගැනීමට කැමති හැමෝටම මතකයට එන දොස්තර නෝන කෙනෙක් තමයි Doctor Pramila.

ඉතින් අද කියන්නේ යන්නේ මේ අපූරූ ලස්සන දොස්තර නෝනා කරපු වෙනස්ම විදිහේ වැඩක් ගැන.
පසුගිය දිනක නත්තලට සමගාමීව Doctor Pramila හරි අපූරු වැඩක් කරලා තිබුණා. ඇත්තටම කිව්වොත් මේක ටිකක් වෙනස් විදිහේ වැඩක්. කවුරුත්ම හිතන්නේ නැති විදිහේ මේ වෙනස්ම වැඩේ කරන්න දොස්තර නෝනා තෝරගෙන තිබ්බේ මේ රට ලස්සනට තියාගන්න රජකාරියට එහා ගිය වගකීමක් ඉටු කරන පිරිසිදු කිරීමේ රැකියාවන් කරන සේවක සේවිකාවන්ගේ දුවා දරුවන්වයි.
ඇය විසින් මේ දුවා දරුවන් සඳහා නත්තලට විශේෂ තෑගී බෝග ගෙනත් දීලා ඔවුන්ට ලස්සන මතකයන් එකතු කළා..

ඒ දවස ඔවුන්ගේ ජීවිතේ ලස්සනම දවසක් කරන්න මේ දොස්තර නෝනා තමන්ගේ උපරිමෙන් යුතුකම ඉටු කරලා තිබ්බා…
ඉතින් මේ මහගු කාර්යය සදහා කලා ලෝකේ ජනප්‍රිය තරු රැසක්ම එක් වීමත් ඒ පුංචි පැටවුන්ගේ සතුට තව දෙගුණ තෙගුණ කරන්න හේතුවක් වුණා..
ඇයට මේ වගේ තවත් සමාජ සත්ක්‍රියා ඉදිරියේදීත් කිරීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා..
ඉතින් මේ එදා දවසේ ගත්ත අමතක නොවන සුන්දර ඡායාරූප කිහිපයක්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here