Saturday, June 14, 2025
spot_img
More

    Latest Posts

    ක්ලැරන්ස් – Rhythm Of The Guitar ළඟදීම රිදී තිරයට!

    මෙරට 70,80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුනු ‘ක්ලැරන්ස් – Rhythm of the Guitar’ අලුත්ම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා සිට තිර ගතවීමට නියමිතය.

    වෙනස්ම ශානරයක් ඔස්සේ නිර්මාණය වන මෙම චිත්‍රපටය ගායකයෙකුගේ ජීවිත කතාව ඇසුරින් සිදු කළ ලංකාවේ පළවෙනි චිත්‍රපටය වේ.

    සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, දමිත් විජයතුංග, ධනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මීට රංගනයෙන් එක්වන අතර. චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතය නිරූපණය කරන්නේ රංගන ශිල්පී දමිත් විජේතුංග විසිනි.

    එසේම චිත්‍රපටයේදී 70,80 දශකයේ මෙරට සංගීතයේ නැවුම් වෙනසක් කළ ‘ත්‍රී සීස්ටර්ස්’ සංගීත කණ්ඩායමේ මල්ලිකා පෙරේරා, ඉන්ද්‍රානි පෙරේරා සහ අයිරාංගනී පෙරේරාගේ චරිතයන්ට පණපොවනු ලබන්නේ දිනක්ෂි ප්‍රියසාද්,ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන තරුණ පරපුරේ සහෝදර රංගන ශිල්පිනියන් තිදෙනා විසිනි.

    ‘ක්ලැරන්ස් – Rhythm of the Guitar’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වනුයේ තේජා ඉද්දමල්ගොඩ වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ KCC නිර්මාතෘ තුසිත විජයසේන විසිනි.

    ඉතින්, සංගීතය හා සිනමාව එක්ව මුසු කරගත් නවමු අත්දැකීමක් විඳගන්නට ‘Rhythm of the Guitar’ ජූනි 27 වනදා සිට ඔබට නැරඹීමට අවස්ථාව උදා වනු ඇත.

    ✍🏻හසාරා අමරසිංහ

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.