රෝස සුවඳ හද තවරා “රෝස ආදරේ” එනවා.

රෝස සුවඳ හද තවරා " රෝස ආදරේ " ජනවාරි 03 එනවා...

0
48
rosa adare

හදවතට දැනෙන ආදරයක් හැමෝටම නොලැබුණත්, හැමෝම අත්නොහැරම හොයන්නේ ආදරේමයි. ඒ ආදරේ එතරම්ම ජීවිතයට සමීප නිසාත්, එය ජීවිතය ජීවත් කරවන ඔසුවක් තරම් බලවත් නිසාත්. “රෝස ආදරේ” කියන්නේ, මොනතරම් කරදර බාධක තර්ජන ජීවිතයට එල්ල වුණත්, සිත උමතු කරපු ඒ ආදරය සොයාගෙන සසර තරණය කරපු භද්‍ර යෞවනයෙකුගේ සංවේදී මෙන්ම අධිෂ්ඨානශීලී දුෂ්කර ගමනක කතාන්දරයයි.

මේ කතාව ඔබට කියන්නේ නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රුමලි කේෂිඩා, වසන්ත කුමාරවිල, අශේන් නවීන්, රයන් වැන්රෝයන්, වසන්ත කුමාරසිරි, හේෂානි ලියදිපිට සහ ලාල් වීරසිංහ ඇතුළු පිරිසක් එකතුවෙලා.

අනූජ් රණසිංහගේ කතාවකට තිර පිටපත ලියලා රෝස ආදරේ අරන් එන්නේ හර්ෂ උඩකන්ද. කට්ටිය හැඩ වැඩ කලේ, මනුක ගලගෙදර. රඟන රැඟුම් කැමරා කාචයට හසුකරගත්තේ නිශාන් හසිත. කපලා කොටලා එකලස් කලේ තිවංක අමරසිරි. රෝස ආදරේ පාට කලේ ශාන් අල්විස්. ලස්සන සිංදු ටිකක් හදලා සංගීතවත් කලේ නිමේෂ් කුලසිංහ. රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂ ප්‍රනාන්දු සහ සෙව්මිණි සංජානාට ලස්සනට ගයන්නට පද ගෙතුවේ ශෙහාන් ගලහිටියාව සමගින් කුසල විදානපතිරණ.

ශලිනි ප්‍රනාන්දු උඩකන්ද විධායක නිෂ්පාදනයෙන් දායක වුන රෝස ආදරේ අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයකි.
රෝස සුවඳ හද තවරා ” රෝස ආදරේ ” ජනවාරි 03 එනවා…

  • ඇන්ටන් ජේ ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here