“සඳුදා වැටෙන්නේ සිකුරාදාට” කියන්නේ ඇත්තක්ද ? | ඇවිත් බලා ඔබත් මේ මහඟු කාර්යයේ කොටස්කරුවෙකු වන්න.

0
43
saduda wetenne thum

Colombo Tea Tasters සිිංහ සමාජය 2022/2023 සිිංහ වර්ෂයේ 306 C1 දිස්ත්‍රික්කයේ තේ නිෂ්පානදනයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත වූ, ජාත්‍යන්තරව විශේෂිත වූ සිිංහ සමාජයකි.
එම සමාජ කණ්ඩායම විසින් විවිධ වූ සමාජ සත්කාරයන් පසු ගිය වසර දෙකක කාලයක් පුරාවටම සිදුකරමින් පවතී.
ඉතින් ඔවුන්ගේ මෙවර අභ්‍රිප්‍රාය වන්නේ, දෙනියාය කේන්ද්‍ර කරගත්, වතු අශ්‍රිතව තේ දළු නෙළන මහත්ම මහත්මීන්ගේ සේවයට ගරු කිරීමක් වශයෙන්,

  • ළමා පිළිකාවෙන් පෙළෙන දරුවෙකු උදෙසා අවශ්‍යය ප්‍රතිකාර සදහා සහය වීම.
  • වතුකම්කරු ගැබිණි මව්වරුන් සඳගා ඔවුනට අවශ්‍ය පෝෂණ මළු බෙදාදීම.
  • වතු කම්කරු දරුවන්ගේ, දිවා සුරකුම් මධ්‍යස්ථානයට මාසයක දිවා ආහාර ලබාදීම.
  • සේවක සේවිකාවන්ගේ, ඇස් පරික්ෂාව සහ ඇසේ සුද ඉවත් කිරිම සඳහා හඳුනාගන්නා ලද දෙනෙකුට අවශ්‍ය ශල්‍යකර්මයන් සිදු කිරීම.
  • දියවැඩියාව, රුධිර පීඩන පරික්ෂාව, සහ දන්ත සායනයක් පැවැත්වීම.
  • 2025 වර්ෂය වෙනුවෙන් වතු කම්කරු සේවක සේවිකාවන්ගේ දරුවන් සියයකට පමණ අවශ්‍ය පොත්පත් ලබාදීම.
  • මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගේ එක් වේලක් සඳහා තැඹිලි බෙදා දීම.
  • RTSL සුභසාධන පදනම හා එක්ව නිකවැරටිය වදුරැස්ස ප්‍රදේශයේ ඉදිකරනු ලබන අලි වැට සඳහා දායකත්වය ලබාදීමයි.

ඉතින්, මේ සදහා වැයවෙන අතිවිශාල මුදලින් කොටසක් “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීමෙන් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන අතර,
සම්මාන රැසක් දිනාගෙන ඇති, ප්‍රහසන වේදිකා නාට්‍යක් වන, “සඳදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යයේ ප්‍රවේශපත් රැගෙන ඔබටත් මේ මහඟු කාර්යයේ ගෞරවාන්විත කොටස්කරුවෙකු වියහැකිය.
දෙසැම්බර් මස 21 වෙනිදා, පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලීය රංගශාලාවේදී “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍ය සවස 3.30 සහ සවස 6.30ට වේදිකා ගතවේ.
ශ්‍රී ලාංකීය තේ සන්නාම ලොවට ගෙනයන වතුකර ජනතාව සහ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත, සුවසේ ජීවත් කරවීමට ඔබ සැමට ආරාධනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here