වසර 4ක් පුරාවට අඛණ්ඩවම පවත්වනු ලැබූ Dee’s hair,beauty salon හි වාර්ෂික සම්මාන උළෙල පසුගියදා (ජනවාරි 21 දින) Water’s Edge හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

එම රාත්‍රියේදී Dee’s hair,beauty salon හි සාමාජික සාමාජිකාවන් රැසක් ඇගයීමට ලක් කර අතර එහිදී Best hair colorist, Best nail artist, Best Makeup Artist, Best Branch Manager ආදී ලෙස විවිධ කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීම සිදුකරන ලදී. මෙම උත්කර්ෂවත් රාත්‍රිය සඳහා කලා ක්ෂේත්‍රයේ කලා තරු රැසක්ද සහභාගී විය.

එදින අප සමග අදහස් දැක්වූ Dee’s hair,beauty salon හි අධිපතිනිය “මම ගොඩක් පුංචියට salon එක පටන් ගත්තේ මුලින්ම 2012 දී . ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද හිමින් හිමින් ආව ගමනක් මේක. මේ සම්මාන උළෙල වසර 4ක ඉඳන් අපේ staff එක අගයන්න පවත්වනවා. අද දවසේ විශේෂත්වය තමා අපි මේ event එකට ලොකු investment එකක් කරලා අති උත්කර්ෂවත් විදියට මේක සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මේ salon එක මේ තත්වයට ගෙන ඒමේ පුර්ණ ගෞරවය මගේ සැමියා වන චින්තකට හිමිවෙනවා”

තවදුරටත් අප සමග ඇය කියා සිටියේ තම ආයතනයේ ඉතාමත් දක්ෂ සහ මිත්‍රශීලි සේවක කණ්ඩායමක් සිටින බවයි. එම උත්සවයේ විශේෂ අවස්ථාවල චායාරූප කිහිපයක් පහතින් දැක්වේ.




