Friday, April 18, 2025
spot_img
More

    Latest Posts

    “නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට..” – අභීගේ වචනයෙන් හැඩවුණු ‘සපත්නීරෝෂයක්’

    “Take care” මේ දින වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යක්. ඉතින් මෙම ටෙලිනාට්‍යයෙර් තේමා ගීතය ඊයේ (4 වෙනිදා) නිකුත් වුණා..

    මෙහි පද මාලාව අභිශේකා විමලවීර විසින් රචනා කර ඇති අතර එය ගායනා කරන්නේ හෙළයේ යශෝරාවය නන්දා මාලනීය සහ අභිශේකා විමලවීර විසිනි…
    සපත්නීරෝෂය. ඔව් ගැහැණියකට ඇති වෙන ඒ වේදනාව ඇති මුලු ලෝකයක් දවලා අලු කරලා දාන්න…
    ඉතින් මේ ගීතයෙන් ගැහැණියකට දැනෙන ආදරය ඊරිෂ්‍යාව වේදනාද විරහව මේ හැමදේ ගැනම හරි ලස්සනට ලියලා තියනවා..

    මේ කතාව මේ තරම්ම සමාජය තුළ ජනප්‍රිය වුණෙත් වාසල ,අසෙනි සහ මේනකා යන චරිත ඇත්තටම අද සමාජය තුළ ජීවත් වෙන නිසයි.. ඇත්තටම ආදරේ ළඟ ගැහැණු හිත් වගේම පිරිමි හිතුත් අසරණ වෙනවා…

    දැනෙන ආදරයක් ළග ඕනේම කෙනෙක් නවතිනවා ආදරයට කෙහෙන්ද නීතියක්..

    “මම ආදරේ කළේ පණ ගැහෙන හදවතට වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට” ඉතිං තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අනුන්ගේ වුණාට පස්සේ ආදරෙයි නම් පරිස්සම් කර ගන්න

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.