සරත් කුලාංග කියන්නේ අප හැමෝම ආදරය කරන ප්‍රවීණ කලාකරුවෙක් මෙන්ම ආදරණීය ගුරුවරයෙක්. ඉතින් ඔහුගේ උපන්දිනය පසුගිය (19) දිනට යෙදී තිබුණා.

ඔහුගේ උපන්දිනය දවසේ ශෝන් මැක්ස්මස් දිසානායක මහතා විසින් ඉංග්‍රීසි බසින් ලියූ ප්‍රවීණ කලාකරු සරත් කුලාංග මහතාගේ චරිතාපදානය “A Quantum Life” පොත ජනගත කිරීමේ උත්සවයක් එදින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
ඔහුගේ චරිත කතාව තුළ සිය ජීවිතය, කලාව තුළ දැරූ වෙහෙස මෙන්ම සරත් කුලාංග නම් ප්‍රවීණ කලාකරුවාගේ ගොඩනැගීම මෙහි අන්තර්ගත වෙයි.

