Friday, June 20, 2025
spot_img
More

    Latest Posts

    පෙරමුණ ගත් අරමුණක අනන්තය “සිහින සමීකරණ”

    මෙරට ඊසානදිග අවම පහසුකම් සහිත ග්‍රාමීය පරිසරයක ජීවත් වන ගොවි පවුලකට අයත් නිසල් බණ්ඩාර ඉගැනුමට දක්ෂතාවයක් දැක්වූ 18 හැවිරිදි යෞවණයෙකි. ඔහුගේ අභිලාෂය උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම වුවද , ඒ සඳහා ඔහු ඉගෙනගත් පාසලේ පහසුකම් නොමැති බැවින් , නිසල්ගේ අරමුණ හා ඔහු සතුව ඇති සුවිශේෂී බුද්ධිමය හැකියාව හඳුනාගත් එම පාසලේ ජනක නැමැති ගුරුවරයා පාසල් කාලයෙන් අනතුරුව නිසල්ට උසස් පෙළ විෂයන් ඉගැන්වීමට තීරණය කරයි. ජනකගේ මෙම කැපවීමට හා නිසල් පිළිබඳව ඊර්සියාවෙන් පෙළෙන පිරිසක් මෙයට අකුල් හෙලයි. සමකාලීන මිතුරියක වන රිද්මි නිසල්ට උදව් කරන අතර ඔහු පිළිබඳව ඇය ප්‍රේමාන්විත සිතුවිල්ලක් ද ඇති කර ගනී. රිද්මිව විවාහ කර ගැනීමට අසංක නැමැති තරුණයෙකු ද සූදානමින් සිටී.

    දිනක් අසංක සහ ඔහුගේ මිතුරන් සැඟව සිට නිසල්ට පහර දෙයි. රෝහල් ගත වන නිසල්ට විභාගය මග හැරේ. රිද්මි රැකියාවකට යොමු වන අතර , නිසල් ගොවිතැනට බසී. නැවත ජනක මැදිහත්ව නිසල්ව කොළඹට රැගෙන ගොස් බෝඩිමක නවතා උපකාරක පංති සඳහා යොමු කරයි. මත්ද්‍ර්‍යව සඳහා ඇබ්බැහි වූ තරුණයෙකු වන අශේන් ද එම බෝඩිමේ නැවතී සිටී. ධනවත් පවුලක රූමත් යුවතියක වූ දිල්කිට නිසල්ව හඳුන්වා දෙන්නේ අශේන් විසිනි. මේ අතර තුරදී නිසල්ගේ පියා මිය යයි. පියාගේ වියෝ දුක හා අශේන් , දිල්කිගේ බල කිරීම මත නිසල් ද මත්ද්‍ර්‍යව ලබා ගනී. එක්තරා සාදයකදී නිසල්ව නීතියට කොටු වන්නේ මත්ද්‍රව්‍ය පානය කිරීම සහ ලඟ තබා ගැනීමේ වරද හේතුවෙනි. ඉන් අනතුරුව නිසල්ගේ ඉරණම කෙළෙස විසඳේ ද? රිද්මි කුමණ තීරණයක් ගනී ද යනු නිරාකරණය කර ගැනීමට හැකි වන්නේ සිහින සමීකරණ නැරඹීමෙන් අනතුරවය.

    සිහින සමීකරණ සසික හේරත්ගේ කු`ළුඳුල් සිනමා නිර්මාණයයි. දීර්ඝ කාලයක පටන් සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයේ නියැලෙමින් සහය අධ්‍යක්ෂවරයෙකු , කැමරා ක්‍රියාකරුවෙකු හා කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙසින් ද කටයුතු කර ඇති ඔහු , දිනුම නමින් ඒකාංගික ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කර ඇත. මාංචු සහ අහසට පිණුමක් යන වීඩියෝ චිත්‍රපට ද ඔහුගේ නිර්මාණ අතර වේ.

    සිහින සමීකරණ චිත්‍රපටයේ රංගන දායකත්වය

    සජිත ඇන්තනී , කසුනි කාවින්දි ප්‍රනාන්දු , අශාන් ඩයස් , රන්දික ගුණතිලක , වසන්ත විට්ටච්චි , පූජන දන්දෙනිය , රෙබෙකා දිල්රුක්ෂි , මොරින් චාරුණි , නයනා හෙට්ටිආරච්චි , ඇලෙක්ස් ප්‍රනාන්දු , සහන් රංජන , රොහාන් රණතුංග , ලලින්දා දිසානායක , පාලිත පේමකුමාර , ශාන් ගුණවර්ධන , පැතුම් හර්ෂන , ලසන්ත චාමර , සචින් නෙත්සර (ළමා) ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වී ඇත.

    සිහින සමීකරණ චිත්‍රපටියේ කාර්මික දායකත්වය

    අධ්‍යක්ෂණය – සසික හේරත්
    තිර රචනය – දර්ශන විද්‍යා අරවින්ද
    නිෂ්පාදනය – මහාචාර්ය චරිත් ජයතිලක , ධම්මික ගීකියනගේ
    සහය අධ්‍යක්ෂණය – ඉන්දික ධර්මතිලක , විෂ්ව පෙරේරා , කමල් දේශප්‍රිය
    කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ
    කැමරා සහය – ඩෙල්මික චාරිත්‍ර , නුවන් කුමාර

    සංස්කරණය – අජිත් රාමණායක
    අංග රචනය – ප්‍රියන්ත එස්. වන්නිනායක සහය – ශාලින් සිසිර කුමාර
    කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – පියතිස්ස අකුරම්බොඩ
    කලා අධ්‍යක්ෂණ සහය – පවිත්‍රා අබේසිංහ , නිශාන්ත කුමාර
    ශබ්ද සැකසුම – සසික රුවන් මාරසිංහ
    ශබ්ද සැකසුම් සහය – කේ.වී. නන්ද කුමාර , මලිත් රංගජීව , අනුර මුණසිංහ
    වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
    සංගීත අධ්‍යක්ෂණය – චින්තක ජයකොඩි
    ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
    ගීත ගායනය – හර්ෂන දිසානායක , නෙල්කා තිළිණී , සුජීව ජාගොඩ

    දෘෂ්‍ය ප්‍රයෝග – අශාන් අමරසිංහ
    නිෂ්පාදන කළමණාකරණය – හරේන්ද්‍ර පෙරේරා සහය – මුලින්ද බණ්ඩාර
    රේඛීය නිෂ්පාදනය – දුමින්ද පෙරේරා
    නිෂ්පාදන සහය – ජයමාල් ගයාන් රණසිංහ , මොහොමඩ් රාම්ලාන් , දිලීප නුවන් රණසිංහ
    නිෂ්චල ඡායාරූප – බුද්ධි සංජය
    ශබ්ද පටිගත කිරීම – ඉන්දික සිසිර කුමාර , චතුරංග පෙරේරා
    හඬකැවීම – චාලක යසස් පෙරේරා
    ගීත පටිගත කිරීමේ සහය – සංජීව මධුශාන්
    උපසිරැසි ගැන්වීම – හර්ෂ අරවින්ද
    ඩ්‍රෝන යන්ත්‍ර ක්‍රියාකරු – ශාලික ජයසුන්දර
    අලෝකකරණ ශිල්පීන් – කසුන් විදුරංග , අනුෂ්ක අධිකාරී , මධුරංග බණ්ඩාර , චාමර උදයකුමාර , ගාමිණී බණ්ඩාර
    විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු – රොහාන් දේවින්ද

    ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.