Sunday, June 15, 2025
spot_img
More

    Latest Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව සාමාජිකයෙක්..

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එකතු වූ පුළුල් බඳ සහිත A330-200 ගුවන් යානය අද දින (ජූනි 4) උදෑසන ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු විය.

    ප්‍රංශයේ සිට පැමිණි මෙම ගුවන් යානය කොළඹ සහ කටුනායක අහස හරහා විශේෂ ගුවන් ගමනකින් පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) ගොඩ බැස්සවූ අතර මෙම විශේෂ ගුවන් ගමන නැරඹීම සඳහා ගාලු මුවදොර පිටිය සහ කොළඹ ප්‍රදේශ කිහිපයක විශාල පිරිසක් රැස්ව සිටියහ.

    මෙම Airbus A330-200 ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට එකතු වීමත් සමඟ සම්පූර්ණ ගුවන් යානා සංඛ්‍යාව 23ක් බවට පත් වී ඇති අතර එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගමනාන්ත වෙත සම්බන්ධ කරන දිගු දුර සහ කෙටි දුර යන ධාවනයන් දෙකටම සහායක් වනු ඇත.

    ✍🏻හසාරා අමරසිංහ

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.