ග්රාහකයා සම්බන්ධ නොවූ විටදී “වයිෆ්” වැඩ පටන් ගනී.
අවස්ථා කිහිපයකදීම සම්මාන රැසකට පාත්රවූ “මෝට බයිසිකල්” සමගින් “සිහින නෙළුම් මල්” සිනමාවට තිළිණ කල යොවුන් නිර්මාණවේදී ශමීර නාඔටුන්න සිය තෙවන සිනමා නිර්මාණය ලෙසින්, ඔහු විසින්ම තිර රචනය හා ගේය පද රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන “වයිෆ්” චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය දා සුබ මොහොතින් ආරම්භ විය.
තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලාගේ ජීවන අරගලයත්, දරුවෙකු පිළිබඳව ඔවුන්ගේ සිහිනයත් අතර දෝලනය වන හා ප්‍රධාන රැකියාවට අමතරව අතිරේක ආදායම් මාර්ගයක් සොයා යාමේදී මාධව මුහුණ දෙන අනපේක්ෂිත මෙන්ම සංකීර්ණ ගැටළු හමුවේ, ඔවුන්ගේ පවුල් සංස්ථාව තුල ඇතිවන ව්‍යාකූලතා ද, නොබිදී නොගිලිහී සිය ජීවිත, සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට දරණ අධිෂ්ඨානශීලී මෙන්ම අනුවේදනීය වූ උත්සාහයේ ඉරණම් කතාවයි ‘වයිෆ්’ තුලින් විවරනය වන්නේ.
මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමගින් උදාරී වර්ණකුලසූරිය රංගනයෙන් දායක වේ.
එමෙන්ම මෙහි දිනෙත් ද සිල්වා, උමා අශේනි, සුලෝචනා වීරසිංහ, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත ලලිත්, ටීනා ශනෙල්, රොබෙකා දිල්රුක්ෂි, රුක්ෂානා දිසානායක, හිරුණි රණසිංහ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායකව ඇත.
වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන “වයිෆ්” කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, අංග රචනයෙන් බුවණෙක රණවක, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාරත්න, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර , සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල , ගීත ගායනයෙන් රෝහිත ජයලත් සහ චිත්‍රාල් සෝමපාල ද, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් “වයිෆ්” සමගින් එක්වී සිටී.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
