නුතන සිනමා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරියක් ලෙස කලා කටයුතුවලට දායක වන වින්ද්‍යා හාරිස්පත්තුව විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතනම කලාකෘතියක් වන සික්ස්ටි නයින් චිත්‍රපටය මේ මස 14 වන දින රිදී තිරයේ තිරගත වීමට නියමිතව ඇත.

ඇය පාසල් අවධියේ සිට වේදිකා නාට්‍ය පිටපත් රචිකාවියක් සහ රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රය තුල විවිධ නිර්මාණවලට දායක වී ඇති දක්ෂ කලාකරිණියකි.

පසුව සයිකෝ සහ ත්‍රිලර් චිත්‍රපටයක් වන “ගරා” නිර්මාණයේ පිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සඳහා ඇය දායක විය. තවද ඇය විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද The Anatomist හා Let him sleep යන කෙටි චිත්‍රපට දෙකම 2020 සහ 2023 වසරවල අන්තර්ජාතික කෑන්ස් උළෙල තුල ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පවා සමත් විය.
මේ වන විට ඇමරිකාවේ ඩ්‍රීමි වර්ල්ඩ් නිව්යෝක් ක්‍රීඅෂන් ආයතනය සමඟ එක්ව දැවැන්ත නිර්මාණ කීපයකට ගිවිසුම් ගත වී ඇති වින්ද්‍යා හරිස්පත්තුවගේ නව කලා නිර්මාණ නුදුරේදී ජාත්‍යන්තර සිනමාව තුල දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඇය විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ ප්‍රථම දිගු චිත්‍රපටය වන්නේ සික්ස්ටි නයින් චිත්‍රපටයයි. යු.ඒ. පල්ලියගුරු විසින් මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයෙන් දායක වී ඇති අතර සික්ස්ටි නයින් චිත්‍රපටය සදහා ක්ලීටස් මෙන්ඩිස්, ඩිලෘෆා ශානාස්, හිනායා බණ්ඩාර, විරාජ් පෙරේරා, ශශි ඇන්ජලීනා සහ තවත් අති දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලැබී ඇත.


පවුලේ සැමට එකට නැරඹිය හැකි විකට ගණයේ ආදර කතාවක් වන සික්ස්ටි නයින් චිත්‍රපටය මේ මස 14 වෙනිදා සිට රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබට නැරඹීමට හැකිවනු ඇත.

