පසුගිය 27 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති World Junior Tourism Ambassador 2025 ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්කර දෙමින් තරඟයේ වයස 18න් පහල Queen අංශයේ කිරුළ හිමි කර ගැනීමට ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ තිතුලු කත්‍යා හඳපාන්ගොඩ දැරිය සමත් වූවාය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර Beauty Pageant එකකින් අවුරුදු 18 න් පහල දැරියක ප්‍රථම ස්ථානය හිමිකරගත් පලමු අවස්තාවද මෙය වනවා.

රටවල් 16 ක තරඟකරුවන් 29 ක් විවිධ අංශ යටතේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබුන මෙහි තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවට සහ දෙවන ස්ථානය පිලිපීනයට හිමි විය.එසේම මෙම තරඟයේ පිරිමි අංශයේ දෙවන ස්ථානයද ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දුලේන් ප්‍රනාන්දුට හිමි විය.
ජූනි මස 23 දා සිට ජූනි 27 දා දක්වා සතියක් පුරා පැවති මේ තරඟාවලිය National costume, Traditional costume, Talent Round, Speech, High Fashion, Best Tourism Video, Cat walk යනාදී තරඟ වට රාශියකින් සමන්විත වුනා.


විවිධ රටවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම දරුවන්ගේ intelligence, stage presence, personality, posture, walking style, public speaking වැනි දක්ශතා නගා සිටුවා වැඩිදියුනු කිරීමද, දරුවන්ගේ ජාත්‍යන්තර මිත්‍රත්වයන් වැඩිදියුනු කිරීමද මෙම තරඟයේ අභිලාශයක් බව එහි සංවිධායකයින් පැවසුවා. එමෙන්ම සංස්කෘතික සහජීවනය ප්‍රවර්දනය කිරිම ඔවුන්ගේ තවත් අරමුනක්.

දෙවන වරටත් සංවිධානය කෙරුනු මෙහි ජාතික අධ්‍යක්ශිකාව කාංචි ඒකනායක මහත්මිය වන අතර තිතුළු සහ දුලේන්ගේ පුහුණු කාරිනිය වූයේ රොසෑන් ඩයස් මහත්මියයි. කෙසේ වෙතත් මෙවැනි ජාත්‍යන්තර තරඟාවලියකින් ශ්‍රී ලංකාවට පලමු ස්ථානය හිමිවූ පලමු අවස්තාව මෙය වන අතර එම ජයග්‍රහණය අපේ රටට රැගෙන ආ තිතුලු හඳපාන්ගොඩ දියනිය ගේ වයස අවුරුදු 13 කි. තිතුළු සහ දුලේන් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
– උපුල් නිශාන්ත